රුසියානු ජනතාවට තම රටවල සංචාරය කිරිම තහනම් කරන්නැයි සෙලෙන්ස්කි ඉල්ලයි

Share Button

රුසියානු ජනතාවට තම රටවල සංචාරය කිරිම තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා බටහිර රටවලින් ඉල්ලයි. තම ප්‍රතිපත්ති වෙනස් කරන තුරු රුසියාව හුදෙකලා කළ යුතුය යන්න යුක්රේන ජනාධීපතිවරයාගේ අදහසයි. එරට ජනතාවට තම රටවල සංචාරය කිරිම තහනම් කිරිම රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට වඩා ඵලදායි බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර යුක්රේනයට අයත් ක්‍රිමියාවේ පිහිටි රුසියානු හමුදා කදවුරක පිපිරීමක් සිදු වී තිබෙ. පිපිරිමෙන් එක් අයෙක් මරණයට පත්වුහ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ පුපුරන ද්‍රව්‍ය තොගයක් ගිනිගැනිම පිපිරිමට හේතුව බවයි.

රුසියාව 2014 දිී ක්‍රිමියාව අත්කර ගත්තේය. එය සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සැලකේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...