සෙංකඩගලනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලී පෙරහර අද වීථි සංචාරය කරයි’ – කතරගම සහ දෙවිනුවර අවසන් රන්දෝලී පෙරහරත් අද

Share Button

ඵෙතිහාසික සෙංකඩගලනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීථීි සංචාරය කරයි’ අද පස්වරු 6 පසුවී විනාඩි 35 ට වයඹ දිසාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීථිය’ යටිනුවර විථීය’ කන්දේ විීථිය’ ඩී’ එස්’ සේනානායක වීථීය ඔස්සේ රජවිදීයෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතයි’ පෙරහර නැරඹීිමට පැමිණෙන අයගේ විශේෂ ආරක්‍ෂක වැඩසටහනක් ක්‍රියාත්මක බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා පවසය’ි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ සේවා ක්‍රියාත්මක කරයි’ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල වෙබ් අඩවිය හරහා පෙරහර දර්ශන සජීවීව විසුරුවා හැරේ’

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රත්‍රී 07,30 ට වීදි සංචාරය කරයි පෙරහර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ න් ආරම්භ වි ඝණ දේවාලය” කිරි විහාරය හා අෂ්ඨඵල බෝධිය” කඩවර බා්ධිය පසු කර කිරි වෙහෙර අභියසට පැමිණේ’ එහිදී කරනු ලබන වතාවත්වලින් පසුව පෙරහර පිට විදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් නැවත ප්‍රධාන විදිය ඔස්සේ කතරගම දේවාලයට ගෙවදීමට නියමිතයි. හෙට උදෑසන මැණික් ගගෙ’් දිය කැපීමෙන් පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...