ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 වැනිදා

Share Button

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආරම්භ විමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ඉන්දිය ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ. රෝහිත් ෂර්මා එම කණ්ඩායමේ නායකත්වය දරයි. හිටපු නායක විරාජ් කෝලි විවේකයකින් පසු 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට නැවත ඇතුලත් කර ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට ලබන මස 11 වැනිදා දක්වා පැවැත්වෙයි. මේ සදහා කණ්ඩායම් 6 ක් තරග වදි. මෙම තරගාවලිය කොටස් දෙකක් යටතේ පැවැත්වෙයි. ඉන්දියාව පකිස්ථානය සහ තවත් සුදුසුකම් ලබන කණ්ඩායමක් ඒ කොටස යටතේ තරග වදි. ශ්‍රි ලංකාව බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය බි කොටසින් තරග වැදිමට නියමිතයි. සෑම කණ්ඩායමක්ම අනෙක් කොටසේ කණ්ඩායමක් සමග එක්වරක් ක්‍රිඩා කරන අතර සෑම කොටසකම පලමු කණ්ඩායම් දෙක සුපිරි 4 වටයට සුදුසුකම් ලබයි. එහිදි ජයගන්නා හොදම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. මෙම තරගාවලිය පන්දුවාර විස්සයි විස්ස ආකෘතියට පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...