සල්මන් රූෂ්ඩිට ඇමෙරිකාවේදී පිහි ප්‍රහාරයක්

Share Button

ද සැටනික් වර්සස් නම් ආන්දෝලනාත්මක කෘතිය ලියු සල්මන් රූෂ්ඩි ඇමෙරිකාවේ නිවියෝර්ක්හි දේශනයක් කරමින් සිටින අතරතුර පිහි ඇනුමකට ලක්වී තිබේ. වේදිකාවට පැමිණි අයෙකු මෙය සිදුකළ බව එහි සිටි අය පැවසුහ.

අදාළ පුද්ගලයාව අල්ලා ගැනීමට එහි සිටි පිරිස සමත්වු අතර 24 හැවිරිදි ඔහුව මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. රූෂ්ඩි මහතාගේ බෙල්ලට සහ උදරයට තුවාල සිදුවී ඇත.

ඔහුව වහාම හෙළිකොප්ටරයකින් පෙන්සිල්වේනියාවේ රෝහලකට රැගෙන ගියේය. රූෂ්ඩි මහතාට හදිසි ශල්‍යකර්මයක් ද සිදු කර තිබේ. ඔහුට අමතරව වේදිකාවේ සිටි තවත් අයෙකුගේ හිසට ද සුඵ තුවාල සිදුවී ඇත.

බුකර් සම්මානයෙන් ද පිදුම් ලබා ඇති 75 හැවිරිදි සල්මන් රූෂ්ඩි දිගුකලක සිට ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේය. ඉස්ලාම් මතවාදයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනි සල්මන් රූෂ්ඩි හට මරණීය දණ්ඩනය ද පනවා ඇත. ඔහුව ඝාතනය කරන ඕනෑම අයෙකුට විශාල මුදල් ත්‍යාගයක් ද පිරිනමන බව සදහන් වෙයි. 1988 දී ඔහු මෙම කෘතිය ලිවීමෙන් පසු එය අලෙවි කළ වෙළෙඳසැල් ද ගිනිබත් කෙරුනි. අදාළ කෘතියේ නෝර්වේ ප්‍රකාශකයාට ද මීට පෙර වෙඩි තබා තිබු අතර එය ජපන් බසට පරිවර්තනය කළ ජපන් මහාචාර්යවරයා ද පිහි ඇනුමකින් ඝාතනය කෙරින. මෙම තර්ජන නිසා රූෂ්ඩි බ්‍රිතාන්‍යයේ ජීවත් වුයේ ජෝශප් ඇන්ටන් ලෙසය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...