යුරෝපය වසර 500 කට පසු දරුණුතම නියඟයක

Share Button

යුරෝපීයයන් වසර 500 කට පසු දරුණුතම නියඟයකට මුහුණ දී සිටින බව විශේෂඥයෝ අනතුරු අගවති.

යුරෝපයේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන ජර්මනියේ රයින් ගංගාව සිඳී යමින් පවතී.

යුරෝපීය නියං නිරරීක්ෂණාගාරයේ නවතම දත්තවලට අනුව යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට හැට හතරක් මේ වන විට නියඟයේ අවදානමට ලක්ව තිබේ.

නියගයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වූ රටවල් වන්නේ එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය, හංගේරරියාව, පෝලන්තය සහ රුමේනියාව. ප්‍රංශය පුරා නැවතත් ලැව්ගිනි පැතිරෙමින් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...