විලියම් රූටෝ කෙන්යානු ජනාධිපතිවරණය ජය ගනී

Share Button

උප ජනාධිපති විලියම් රූටෝ මහතා කෙන්යානු ජනාධිපතිවරණය ජය ගනී. සියයට 50.49 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඔහු සමත් විය.

ප්‍රතිවාදි අපේක්ෂක රයිලා ඔඩින්ගා මහතාට ලැබුනේ සියයට 48.85 ක ඡන්ද ප්‍රමාණයක් පමණි.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කෙන්යානු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර මතභේදයක් හටගෙන තිබේ. එහි කොමසාරිස්වරුන් 07 දෙනාගෙන් සිව්දෙනෙකුම පවසන්නේ ප්‍රතිඵල පිළිබඳ වගකිම භාරගත නොහැකි බවයි.

ජයග්‍රහණයෙන් අනතුරුව ජනතාව ඇමතූ රූටෝ මහතා පැවසුවේ ජනතා රජයක් බිහි කරන බවයි. තමන් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බව ප්‍රතිවාදි කණ්ඩායම් පවසති. ඔවුන්ට ප්‍රතිඵලවලට එරෙහිව අධිකරණය හමුවට යාමට දින 07 ක කාලයක් පවති.

ඡන්දදායකයෝ එක්කෝටි 46 ලක්ෂයක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබින. එය සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් සියයට 65 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...