මහ කන්නයෙන් පසු සහල් ආනයනය අත්හිටුවන බව කෘෂිකර්ම ඇමති කියයි
එලඹෙන මහ කන්නයේ පසු සහල් ආනයනය නොකරන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි.
රටේ සහල් අවශ්‍යතාව සපුරාලීමේ අභියෝගය මෙරට ගොවිජනතාව භාරගෙන තිබේ. ඒ පිළිබඳව තමා තුළ දැඩි විශ්වාසයක් පවතින බව ඇමතිවරයා කියයි. ගොවි ජනතාවට එම අභියෝගය ජය ගැනීමට බාධා පමුණුවන ගැටළුවලට විසදුම් සෙවීමට රජය සුදානමින් සිටි.