ශ්‍රී ලංකා විස්සයි විස්ස ලීග් ක්‍රිකට් ශුරතාව රෙඩ්ස් දිනා ගනී

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ ශුරතාව රෙඩ්ස් කණ්ඩායම දිනා ගනී. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් මහ තරගයේදී බ්ලුස් කණ්ඩායම පරදවා කඩුඵ 07 ක ජයක් අත්කර ගැනීමට එම කණ්ඩායම සමත් විය.

බ්ලුස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුඵ 06 ක් දැවී ලකුණු 136 ක් රැස් කළේය. රෙඩ්ස් කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 05 කදී කඩුඵ 03 ක් දැවී ලකුණු 137 ක් රැස් කර ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

බ්ලුස් කණ්ඩායම වෙනුවෙන් අෂේන් බණ්ඩාර නොදැවී ලකුණු 40 ක්ද රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් ද රැස් කළහ. තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...