ජාතික ගුවන් විදුලියේ අස්වැද්දුම වයඹ රේඩියෝ පරිශ්‍රයේ දී

Share Button

ජාතික ගුවන් විදුලියේ වයඹ ඇකඩමියේ අධ්‍යයන කටයුතු කුරුණැගල අස්වැද්දුම වයඹ රේඩියෝ පරිශ්‍රයේ දී අද ඇරඹෙයි. අනාගත පරපුරට සන්නිවේදන ක්‍ෂේත්‍රයේ නිවැරදි මග පෙන්වීමේ ජාතික වගකිම ඉටුකිරීම සදහා ජාතික ගුවන් විදුලිය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් පිරිසකට ශිෂ්‍යත්ව පිරිනැමිම ද එහිදී සිදුවෙයි.

ප්‍රදේශයේ දානපතින්ගේ දායකත්වය ඒ සඳහා ලැබි තිබේ. සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ අධික්ෂණය යටතේ පාඨමාලා ක්‍රියාත්මකයි. අස්වැද්දුම ශ්‍රී අභිනවාරාමාධිපති කුරුණැගල බෞද්ධාලෝක පරිවෙනාධිපති පුජ්‍ය ගොඩපොල ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අධ්‍යයන කටයුතු ඇරඹෙයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් හා ක්‍රිඩා අධ්‍යක්ෂ ටී ඩී කේ ජයන්ත අභ්‍යාස ආයතනයේ සහකාර අධ්‍යක්ෂ තුෂාරි වෙලගෙදර යන මහත්ම මහත්මිහු සමාරම්භක අවස්ථාවට එක්වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...