උසස් පෙළ ඉල්ලුම්පත් ලබන 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට

Share Button

මේ වසරේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා පාසල් හා පුද්ගලික අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් ලබන 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට කැදවන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. සියලු අයදුම්කරුවන් ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩී ඔ් ඊ එන් ටී එස් ඩොට් එල් කේ හෝ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඔන් ලයින් එග්සෑම්ස් ඩොට් ජී ඔ් වී යන වෙබ් අඩවියට පිවීසිමෙන් අයදුම් පත්‍රය සම්පුර්ණ කළ හැකිය.

එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවලදි ඉදිරිපත් කිරිමට ළග තබාගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් සම්පුර්ණ කිරිමට අදාල මුරපද විදුහල්පතිවරුන්ට ලබාදි ඇත. පලමුවැනි දෙවැනි හා තුන්වැනි වාර විභාග අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටින පිරිස් සදහා 2021 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරිමෙන් පසු අවස්ථාව ලබාදෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 1911 හෝ 0112 784 208 / 0112 784 537 යන දුරකථන අංක වලින් මේ පිළිබඳ විමසීම් සිදුකළ හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...