රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට පත්කිරිම සඳහා පුර්ව අනුමැතිය ලබාගැනිමට ජනපතිගෙන් කමිටුවක්

Share Button

රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සදහා නව පත්කිරිම් සිදු කිරිමේ දි හෝ වෙනස් කිරිමේදී පුර්ව අනුමැතිය ලබාගැනිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබේ. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකකනායක මහතායි අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත. රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු වෙනස් කිරිමට අවශ්‍ය නම් සාධාරණීය කළහැකි හේතු සහිතව නාමයෝජනා අදාළ කමිටුවට ඉදිරිපත් කර පුර්ව අනුමැතිය ලබාගැනිම අනිවාර්ය කර තිබෙ. පුර්ව එකගතාවකින් තොරව ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරිම සඳහා විටින් විට ජනාධිපතිතුමා වෙත ලිඛීත ඉල්ලිම් ලැබෙමින් පවති. ඒවා සහ ඇතැම් අවිධිමත් පත්කිරිම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර ඇතැයි ජනාධීපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙ පිළිබඳව ජනාධීපති ලේකම්ගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම් වරුන් වෙත ලිපියක් ද යොමු කර ඇත.
මේ අතර මෙරට ළමා සංවර්ධන මධ්‍යස්ථාන සදහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතී හදුන්වාදිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. අනාගත දරුවන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් සැපයීමට ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පළාත් මට්ටමින් සකස් කළ මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කර ඇත. එහෙත් ජාතික මට්ටමේ පිළීගත් මාර්ගෝපදේශනයක අඩුවක් පැවතිණි. ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් ඉදිරිපත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ රටපුරා සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිම සැලසුමයි. ළමාරක්ෂක ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් නියෝජනය වන පරිදි අදාළ විශේෂඥයින්ගේ අධික්ෂණය හා මගපෙන්විම යටතේ මෙම ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිති හදුන්වා දි ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...