ඉන්දීය පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර තහනමක්

Share Button

ඉන්දීය පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර තහනමක් පැනවෙයි. වසර 85 ක එරට පාපන්දු ඉතිහාසය තුළ ලෝක පාපන්දු සම්මේලනය ඉන්දිීය පාපන්දු සම්මේලනයට මෙවැනි දඩුවමක් පැනවු පළමු අවස්ථාව මෙයයි.

මේ නිසා ඉදිරියේදී පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර තරග ඉන්දියාවට තහනම් වෙයි. හිටපු ඉන්දිය පාපන්දු නායක බයිචුන් බුටියා සඳහන් කළේ ලෝක පාපන්දු සම්මේලනයේ මෙම තීරණය ඉතා දරුණු බවයි. මෙම දඩුවම නිසා ඔක්තෝබර් 11 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අවුරුදු 17 න් පහළ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ද අනතුරට ලක්වී ඇත.

එරට පාපන්දු සම්මේලනයට සිදුවු තෙවන පාර්ශ්වයකගේ අනිසි බලපෑම නිසා ලෝක පාපන්දු සම්මේලනය ඉන්දියාවට මෙම තහනම පනවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...