ශ්‍රිමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා ශූරතා තරගාවලිය ලබන මාසයේ

Share Button

ශ්‍රිමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රිඩා ශූරතා තරගාවලිය ලබන මාසයේ පැවැත්විමට තීරණය කර තිබෙ. ශ්‍රි ලංකා පාසල් මලල ක්‍රිඩා සංගමය එය සංවිධාන කරයි.

ලබන මස 13 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි හෝ දියගම ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි පැවැත්වෙනු ඇත.

ලබන ඔක්තෝබර් මාසයේ කුවේට් හිදි පැවැත්විමට නියමිත වයස අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රිඩා ශූරතා තරගාවලියේ තේරීම් තරගාවලියක් ලෙස මෙය පවත්වන බව ශ්‍රි ලංකා මලල ක්‍රිඩා සංගමයේ උප සභාපති ලලිත් පෙරේරා මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...