කෙන්යානු ජනාධීපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට

Share Button

කෙන්යානු ජනාධීපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව අර්බුදයක් මතු වි තිබෙ. උප ජනාධිපති විලියම් රූටෝ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. එහෙත් ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වූ රයිලා ඔඩිංගා මහතා පවසන්නේ තමන් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බවයි.

මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට ඔහු චෝදනා කරයි. නයිරෝබි අගනුවරදි තම ආධාරකරුවන් අමතමින් ඔඩිංගා පැවසුවේ නීත්‍යානුකුලව ජනාධීපතිවරයෙකු තේරී පත්ව නැති බවයි. 77 වියේ පසුවන ඒ මහතා දිර්ඝ කාලයක් කෙන්යාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේය.

ඔහු මීට පෙර පස් වතාවක් ජනාධීපතිවරණයට තරග කළ අතර ඒ සියලු අවස්ථාවලදි පරාජයට පත්විය එම අවස්ථා ගණනාවකදි ඔහු මේ ආකාරයට ප්‍රතිඵල අභියෝගයට ලක් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...