යල කන්නයේ වී මිලදි ගැනිම අද සිට

Share Button

යල කන්නයේ වී මිලදි ගැනිමේ පළමු අදියර සදහා වි අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 200 ක් වෙන් කර තිබෙ. වී මිලදි ගැනිමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙ. ඒ අනුව වි අලෙවි මණ්ඩලය වි මිලදි ගැනිම අද සිට ආරම්භ කරනු ඇත.

නාඩු වී කිලෝවක් රුපියල් 120 ටත්. සම්බා වී කිලෝවක් රුපියල් 125 ටත් මිලදී ගැනේ. කිීරි සම්බා වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 130 කටයි. පලමු අදියර යටතේ වි මෙට්‍රික් ටොන් තිස්දහසක් මිලදි ගැනිමට අපේක්ෂිතය.

ලබන මහ කන්නයේ වී වගාව සදහා යූරියා බෙදා හැරීම ආරම්භ කෙරේ. එහි පළමු තොගය යාපනය දි්ස්ත්‍රික්කයේ ගොවි ජනතාවට බෙදා දීම පසුගියදා සිදුවිය. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200 ක් යාපනයට යවා ඇතැයි ලංකා පොහොර සමාගම කියයි.

ඉන්දිය රජය මෙරටට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65 දහසක් සැපයීමට ඉදිරිපත් වි සිටි. එහි පළමු තොගය වශයෙන් මෙට්‍රින් ටොන් 44000 ක් දැනටමත් මෙරටට ලැබී තිබෙ. ඉතිරි මෙට්‍රික් ටොන් 21000 මේ සතිය තුළ දිවයිනට ලැබීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...