යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි

Share Button

යල කන්නයේ වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි. එම සුදානම පීලිබඳව ඇමති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතාගෙන් අද පෙරවරුවේ කරුණු විමසීය. වී මිලදී ගැනීමේදී මතුවන සියලු ගැටලු අද දවස තුළම විසදා ගැනීමට පියවර ගන්නා ලෙසත් හෙට සිට කිසිදු අඩුපාඩුවකින් තොරව වී මිලදී ගැනීමට සියලු පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා එහිදී සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

වී අලෙවි මණ්ඩලය සියලු ප්‍රාදේශීිය කළමනාකරුවන්ට වී මිලදී ගැනීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය. වී අලෙවි මණ්ඩලය යටතේ ප්‍රාදේශීිය කාර්යාල 7 ක් පවතින අතර ඒ යටතේ වී ගබඩා 310 ක් ක්‍රියාත්මකයි.

යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට අවසන් කර තිබේ. එබැවින් වී මිලදී ගැනීම් ආරම්භ කෙරෙන්නේ අස්වනු නෙලා අවසන් වු ප්‍රදේශවල සහ ආරම්භ කර ඇති ප්‍රදේශවල පමණි.

ගොවීන් දැඩි මහන්සියක් සහ පිරිවැයක් දරා වගා කළ වී අස්වැන්න ඇතැම් ජවාරම්කරුවන් විසින් කිලෝව රුපියල් සියයකටත් වඩා අවම මිලකට මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවෙයි. එමනිසා වී අලෙවි මණ්ඩලය ඇමති මණ්ඩල අනුමැතිය මත නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 130 කටත් වශයෙන් අවම මිලක් යටතේ මිලදී ගැනිමට කටයුතු යොදා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...