සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට ජාතික ගුවන්විදුලියේ උපහාරය

Share Button

ජාතික ගුවන් විදුලිය සෑම අවස්ථාවකදීම කලාගාරයක් ලෙස කටයුතු කරන බව ජාතික ගුවන් විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා පවසයි. නිවේදකවරුන් කිසිදු අවස්ථාවක ඒකපාර්ශවිකව කටයුතු නොකරන බවත් එසේ කළහොත් ආයතනයට පැවැත්මක් නොමැති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

කුමාරතුංග මැදිරියේදී අද පෙරවරුවේ ආරම්භ වු මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි හරසර ප්‍රනාම ආදර සැමරුම් උපහාර වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා මෙම අදහස් පල කළේය.

ජාතික ගුවන් විදුලියෙන් බිහිවු ජ්‍යෙෂ්ට කලාකරුවෝ රැසක් සිටිති. විශාරද නන්දා මාලනී, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු කලාකරුවෝ ඒ අතර ප්‍රමුඛ වෙති. මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා කිසිදු මුදලක් අය නොකර ජනතාවගේ සිත් සුවපත් කළ අවස්ථා පවතී. ඔහු ඉටුකළ එම සේවය කිසිදා අමතක කළ නොහැකි බව සභාපතිවරයා පැවසිය.

වැඩසටහන ආරම්භ කිරිමට පෙර ගුවන් විදුලි කොරිඩෝවේදී මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ ඡායාරූපයක් නිරාවරණය කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්‍ෂ ජනරාල් නලීන් කුමාර් නිශ්ශංක මහතා ඇතුලු සංස්ථා සේවක සේවිකවෝ මෙන්ම කලාකරුවෝ රැසක්ද එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...