අපොස උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ කිහිපයක් 19, 20 සහ 21 යන දිනවලදී
2021/2022 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණවලට සහභාගි වීමට නොහැකි වූ අපේක්ෂකයන් සඳහා මේ මස 19, 20 සහ 21 යන දිනවලදී එම පරීක්ෂණවලට පෙනී සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව නර්තනය(දේශීය), නර්තනය (භරත), ගෘහ ආර්ථික විද්‍යාව, සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), සංගීතය (බටහිර), නාට්‍ය හා රංගකලාව(සිංහල), නාට්‍ය හා රංගකලාව(දෙමළ), ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන්ට අදාලව මෙම පරීක්ෂණ පැවැත්වේ.
අදාල ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් අපේක්ෂකයන් වෙත යොමු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි. මේ සම්බන්ධයෙන් යම් විමසීමක් කළ යුතු නම් 011 2 78 42 08 / 011 2 78 45 37 යන දුරකථන අංකවලට අමතන ලෙස දෙපාර්තමෙන්තුව විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙයි.