සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙක් රජය විවේචනය කිරීමෙන් වැලකී සිටීමට තීරණය කරති
තවදුරටත් රජය විවේචනය කිරරීමෙන් වැලකී සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන මහත්වරු පවසති. එහෙත් පවතින ආර්ථික අර්බුදයෙන් ජාතිය ගොඩගැනීමට යෝජනා ඉදිරරිපත් කිරීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කරති.
ඩොලර් රුපියල් බවට පත් කිරරීමට අදාළ රෙගුලාසි ඉවත් කිරරීමට පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී තමන් යෝජනා කළ බව හර්ෂ ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ඉපයීම් සහ ලැබීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් හර්ෂ ද සිල්වා මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිය ප්‍රසාදය පළ කළේය.
මෑතක සිට ඩොලර් ප්‍රමාණයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව පෙන්වා දුන් කබීර් හෂීම් මහතා එය තවදුරටත් පවත්වාගෙන යා යුතු බව ප්‍රකාශ කළේය. ඩොලර් ගලා ඒම ඵලදායී ලෙස පවත්වාගෙන ගියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ හැකි බොහෝ යෝජනාවලට ශ්‍රී ලංකාවට හිස නැමීමට සිදු නොවනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.