කොවිඩ් ආසාදිතව රෝහල්ගතවන ළමයින්ගේ සංඛ්‍යාව ඉහළට

Share Button

කොවිඩ් ආසාදිතව රෝහල්ගතවන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ළමයින්ගේ සංඛ්‍යාව ඉහළ යයි.

පසුගිය ජූනි මාසයේදී කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ ළමයින්ගේ සංඛ්‍යාව 3 කි. එහෙත් ජූලි මාසය වන විට එම සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා පවසයි.

වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දී නොමැති බැවින් ඔවුන් කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය.

ඩෙංගු රෝගය ද මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතී. එබැවින් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අතිශයින් වැදගත් වෙ. මෙම රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීමට දරුවන්ට කියා දිය යුතු බව වෛද්‍ය කෝසල කරුණාරත්න මහතා සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...