පකිස්ථාන හිටපු අගමැතිවරයාට එරෙහිව ත්‍රස්ත විරෝධි නීති යටතේ චෝදනා
පකිස්ථාන පොලිසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාට එරෙහිව ත්‍රස්ත විරෝධි නීති යටතේ චෝදනා ගොනු කරයි. තම හිතවතෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව ඉම්රාන් ඛාන් මහතා පොලිසියට හා අධිකරණයට දොස් පැවරිම ඊට හේතුවයි. හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සදහා ඔහුගේ ආධාරකරුවන් ඔහුගේ නිවස අසලට රැස්ව සිටි බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ලබන බ්‍රහස්පතින්දා දක්වා ඔහුට අත්අඩංගුවට ගැනීම් පුර්ව ඇප නියම කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් මහතා රජය හා හමුදාව නිරතුරු විවේචනයට ලක් කළේය.