විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම ලබන සඳුදා සිට
2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම ලබන සඳුදා ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. ලබන 23 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකිය.
2021/2022 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 42519 දෙනෙකුට විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලැබේ. විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාලව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කරන ශිෂ්‍ය අත්පොත අද පොත් අලෙවිසල්වලට බෙදා හරින බව සභාපතිවරයා පැවසීය. තෝරා ගත් අලෙවි නියෝජිතයන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා භාෂාත්‍රයෙන්ම පුවත්පත්වල පළ කෙරේ.
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය. ඒ සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය භාවිත කළ යුතුය. යම් ගැටඵවක් මතු වුවහොත් 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා ඒවා නිරාකරණය කර ගත හැකිය. එහි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පුහුණු කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පවසීය. අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පිරවීමට පෙර කොමිසමේ වෙබ් අඩවියේ ඇති උපදෙස් වීඩියෝව නරඹන්නැයි සභාපතිවරයා සිසුන්ගෙන් ඉල්ලා සිටී. එමගින් ගැටඵ නිරාකරණය කර ගනිමින් වැරදීම්වලින් තොරව අයදුම්පත සම්පුර්ණ කළ හැකිය. යම් ගැටඵවක් ඇත්නම් සහාය වීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තොරතුරු මධ්‍යස්ථානය සතියේ දින හතේම විවෘතව පවතී. දුරකතන අංක – 0112-69-53-01 හෝ 0112-69-53-02 මගින් එම මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකිය.
මෙවර නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇතැයි ද සම්පත් අමරතුංග මහතා කියයි. ශ්‍රිී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පාඨමාලාව සහ නිර්මාණාත්මක සංගීතය හා තාක්ෂණය පිළිබඳ පාඨමාලාව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව හා ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පාඨමාලාව වව්නියාව විශ්ව විද්‍යාලයේ බැංකුකරණ හා රක්ෂණ පාඨමාලාව ඒ අතර වෙයි. පරිගණක විද්‍යාව පිළිබඳ නව පීඨයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිතයි.