සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 21 යි

Share Button

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 21 ක් සපිරෙයි. ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙස එය සැලකේ.

අල්කයිඩා සංවිධානයේ ත්‍රස්තවාදිහු 19 දෙනෙක් 2001 සැප්තැම්බර් 11 වැනිදා පැහැරගත් මගී ගුවන් යානා හතරකින් ඇමෙරිකාවේ ඉලක්ක හතරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළහ.

පලමු ගුවන් යානය එදින පෙරවරු 8.46 ට නිවියෝර් නගරයේ ලෝක වෙලෙඳ මධ්‍යස්ථානයේ උතුරු කුඵනේ ගැටි පුපුරා ගියේය. දෙවන ගුවන් යානය දකුණු කුඵනේ ගැටි පුපුරා ගියේ ඊට විනාඩි 15 කට පසුවයි. ප්‍රහාරයෙන් එම සුවිසල් ගොඩනැගිලි මුඵමනින්ම විනාශ විය. තුන්වන මගී ගුවන් යානය ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනයේ නිරිතදිග කොටසේ ගැටි පුපුරා විනාශ විය. සිව්වන මගී ගුවන් යානය පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයකට කඩා වැටි පුපුරා ගියේය.

මෙම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව තුන්දහසකට ආසන්නය. තවත් තුන්දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...