එලිසබෙත් මහරැජිනගේ අවසන් කටයුතු ලබන 19 වැනිදා
බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙස්මිනිස්ටර් ඇබේ හිදී ලබන 19 වැනිදා සිදු කෙරේ.
රැජිනගේ දේහය මේ වනවිට ඕක් ලීයෙන් සකස් කළ රාජකීය ප්‍රමිතියෙන් යුත් පෙට්ටියක තැන්පත් කර ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේ උත්සව ශාලාවේ මහජන ගෞරවය සදහා තබා තිබේ. දේහය අද බැල්මෝරල් මාලිගයේ සිට එඩිම්බරෝ වෙත රැගෙන එන අතර ලබන අගහරුවාදා දේහය ලන්ඩනයට රැගෙනඒමට විධිවිධාන යොදා තිබේ.
ලබන බදාදා සිට එය අවමගුල් උත්සවය පැවැත්වෙන ලබන 19 වැනිදා දක්වා වෙස්මිනිස්ටර් ශාලාවේදී තැන්පත් කර තැබෙනු ඇත.