ක්‍රිකට්, නෙට්බෝල් ආසියා කුසලාන දෙකම ශ්‍රී ලංකාවට

Share Button

ආසියානු ක්‍රිඩා තරග බිමේ ශ්‍රී ලංකා නාමය බබලවමින් ක්‍රිකට් ශූරතාව සහ නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවෝ ඊයේ සමත්වුහ. එම කුසලාන දෙකම ශ්‍රී ලංකාවට හිමිවුයේ 6 වන අවස්ථාවටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1986,1997,2004,2008 හා 2014 වසර වලදී ආසියානු කුසලානය හිමිකරගෙන තිබේ. ආසියානු නෙට්බෝල් කුසලානය 1989, 1997ි 2001, 2009 හා 2018 වසර වලදී ශ්‍රීලංකාවට හිමිවිය.

ඩුබායි හිදී ඊයේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පකිස්තානය ලකුණු 23 කි්න් පරදවා ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් රැස් කළේය. පිළීතුරු ඉනීම ක්‍රිඩා කළ පකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවුයේ ලකුණු 147 ක් පමණි.

මෙම ශූරතාව දිනාගැනිමත් සමග ශ්‍රී ලංකාව ඩොලර් ලක්‍ෂ 2ක මුදල් ත්‍යාගයක් හිමිවිය. තරගයේ වීරයා ලෙස භානුක රාජපක්‍ෂත් තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංගත් නම් කෙරිණි.

සිංගප්පුරුවේ පැවැති 12 වැනි ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහතරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ලකුණු 63 ට 53ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලාංකික දැල්පන්දු ක්‍රිඩිකාවෝ සමත්වුහ.

මෙම ජයග්‍රහණ අත්කරගත් ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...