මැතිවරණ ක්‍රමය සංශෝධනයට දේශපාලන පක්‍ෂ සහාය නොලැබුණ හොත් මාස 6 කින් ජනමත විචාරණයක් – ජනපති කියයි
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමටත් නව ත්‍රස්ත විරෝධී පනත ගෙනඒමටත් අවශ්‍ය දේශපාලන එකගතාව ඇති කරගැනීමට දේශපාලන පක්‍ෂ මාස 6 ක් තුළ ක්‍රියා නොකළහොත් ජනමත විචාරණයක් පවත්වා ජනමතය විමසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. දේශපාලන පක්‍ෂ වෙත මුවාවී එම කරුණු සදහටම කල්දැමිය නොහැකි බව එතුමා අවධාරනය කරයි.
ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ තමා හමුවු අවස්ථාවේදී ජනාධිපතිතුමා එම කරුණු සදහන් කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසියේ තාක්‍ෂණ සහ සෙසු සහාය ලබාගැනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රදවා තබාගැනීම සම්බන්ධයෙන් දෙමල ජනතාව සමග ඍජු සාකච්ඡාවක් ඇති කරගෙන තිබෙ. රැදවුම් කාලය හා නෛතික කරුණු සැලකිල්ලට ගෙන ඒ සදහා සුදුසු ක්‍රමවේ දයක් සකස් කළද මහනුවර ශ්‍රී දළදා මාළීගයට පහරදීමට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට හා කරුණු තහවුරු වු ත්‍රස්තවාදින්ට එරෙහිව ඒ යටතේ ක්‍රියා නොකරන බව ජනාධිපතිතුමා පැවසීය.
විදෙස් වෙළෙඳපොල පදනම් කරගත් තරගකාරිී වෙළෙඳපොල ආර්ථිකයක් හා අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙ ප්‍රතිපත්ති සකස් කරන බවද ජනාධිපතිතුමා පැවසිය.
වත්මන් ආර්ථික අභියෝග හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ජිවිත යථා තත්වයට පත් කරගනිමින් යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය අඛණ්ඩව සපයන බව සමන්තා පවර් මහත්මිය එහිදී පැවසුවාය. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හදුනා ගැනීම සදහා එක්සත් ජනපද ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරදීමටද ඇය එකගවුවාය.
2048 වනවිට ශ්‍රී ලංකාව සමෘද්ධීමත් ජාතියක් බවට පත්කිරීමේ අරමුණින් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 25 වසරක වැඩසටහන වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී සදහන් කළේය.