එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 6 ක ආධාරයක්

Share Button

පොහොර සහ අත්‍යවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් මිලට ගැනීම සහ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් කෝටි 6 ක ආධාරයක් ශ්‍රී ලංකාවට සැපයීමට අන්තර්ජාතික සංවර්ධන සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනය ඉදිරිපත්ව සිටී. අමෙරිකානු කොංග්‍රසයේ අනුමැතියට යටත්ව එම ආධාර මුදල පිරිනැමේ.

පොහොර සහ අත්‍යවශ්‍ය කෘෂිකාර්මික යෙදවුම් මිලට ගැනීම සදහා ඩොලර් කෝටි 4 ක් ද ඉතිරි ඩොලර් කෝටි 2 ශ්‍රී ලංකාවේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන්ද පිරිනමන බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අන්තර්ජාතික සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...