අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

Share Button

ජුලී මාසයේ අමෙරිකානු ඩොලර් 27 කෝටි 90 ලක්‍ෂයක් වු විදේශගත ශ්‍රමික ප්‍රේෂණ අගෝස්තු මාසයේදී ඩොලර් තිස් දෙකෝටි 50 ලක්‍ෂය දක්වා ඉහළ ගොස් ඇතැයි ඇමති මනුෂ නානායක්කාර මහතා කියයි. එම වර්ධනය සියයට 16.4කි.

මේ වසරේ විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 2 ඉක්මවයි. මේ වසරේදී ශ්‍රමිකයන් ලක්‍ෂ 3ක් විදේශ රැකියා සදහා පිටත්කර යැවීමේ ඉලක්කයක් පැවැති අතර එම ඉලක්කය 3 ලක්‍ෂ 30 දක්වා ඉහළ නංවා ඇතැයි මනුෂ නානායක්කාර ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...