බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අවමගුල් උත්සවයට ජනාධිපතිතුමා සහභාගී වෙයි
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතයි.
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඊයේ පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හමුවී මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පල කළේය. එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ ශෝක සටහනක් තැබු ජනාධිපතිතුමා මහ රැජින දශක 7ක් පුරා ලෝක ජනතාව වෙනුවෙන් ඉටුකළ මහගු සේවය සිහිපත් කළේය.
මහ රැජිනගේ අවමගුල් උත්සවය ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබෙ හිදී ලබන 19 වැනිදා පැවැත්වේ.