ආසියානු කුසලානය සමගින් ක්‍රිකට් හා දැල්පන්දු කණ්ඩායම් දිවයිනට

Share Button

ආසියානු කුසලානය තමන් සතු කර ගනිමින් මව්බිමට ඉමහත් ගෞරවයක් අත්කර දුන් ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම දිවයිනට පැමිණෙයි. එමෙන්ම මව්බිමට ගෞරවයක් අත් කර දෙමින් ආසියානු කුසලානය හිමිකරගත් දැල්පන්දු කන්ඩායම ද ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

එම කණ්ඩායම් දෙක උණුසුම් අන්දමින් පිළිගැනිමට විධිවිධාන යොදා තිබෙ. ඒ සදහා සංවිධාන කළ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අද පෙරවරු 7.00 ට ඇරඹෙයි. ක්‍රිඩා අමාත්‍යංශය හා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එක්ව එය සංවිධාන කර තිබෙ.

උත්සවයෙන් අනතුරුව කණ්ඩායම් දෙකම විශේෂ රිය පෙරහරකින් කොළඹට කැදවා ගෙන ඒමට විධිවිධාන යොදා තිබෙ. ආසියානු ක්‍රිකට් ශූරයන්ට හා දැල්පන්දු ශූරියන්ට සුබපැතීමේ අවස්ථාව ක්‍රිඩාලෝලින්ට එහිදි උදාවෙයි.

ඉන්දියාව පකිස්තානය වැනි ආසියානු කලාපයේ ප්‍රබල කණ්ඩායම් පරාජය කරමින් 2022 ආසියානු ක්‍රිකට් කුසලානය තම රටට දිනාදීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ශ්‍රි ලංකාව එම කුසලානය හිමි කරගත් හයවන අවස්ථාව මෙයයි.

ශ්‍රි ලංකාව ආසියානු ක්‍රිකට් කුසලානය හා දැල්පන්දු කුසලානය එකම දිනක හිමිකර ගැනිම විශේෂත්වයකි.

ක්‍රිඩා ඉතිහාසයේ එකම දිනක ප්‍රධාන ක්‍රිඩා ඉසව් දෙකක් ජය ගනිමින් කුසලාන හිමි කර ගත් ඉතිහාසයේ පලමු අවස්ථාව මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...