නෙළුම් කුළුනේ මෙහෙයුම් ලබන බ්‍රහස්පතින්දා ජනතාවට විවෘත කෙරේ
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුනේ මෙහෙයුම් ලබන බ්‍රහස්පතින්දා ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.
එහි ඉදිකිරීම් 2012 දී ආරම්භ කෙරිණ. 2022 පෙබරවාරි 28 වැනිදා ඉදිකිරීම් අවසන් කරමින් එය ශ්‍රිී ලංකාවට භාර දෙනු ලැබීය. ඉදිකිරීම් සඳහා වැය කෙරුනු මුදල ඇමරිකානු ඩොලර් කෝටි 11 කට ආසන්නය. චීන සමාගම ඇමරිකානු ඩොලර් 8 කෝටි 86 ලක්ෂයක් සපයා ඇති අතර ඉතිරිය ශ්‍රිී ලංකා රජය යොදවා තිබෙ. මෙහි ණය වාරික ගෙවිම් 2024 වනවිට නිම කිරීම ඉලක්කයය. ණයවලින් ඩොලර් 6 කෝටි 63 ලක්ෂයක් දැනටමත් ගෙවා අවසන්ය.
මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ඕනෑම අයෙකුට ප්‍රවේශපත්‍රයක් ගෙන එහි අත්දැකිීම් විඳිය හැකිය. ප්‍රවේශපත්‍රයක් රුපියල් 500 ත් 2000 අතර වෙයි. විදේශිකයෙකු ඇමරිකානු ඩොලර් 20 ක ප්‍රවේශපත්‍රයක් මිලදී ගත යුතුය. රුපියල් 2000 ක ප්‍රවේශපත්‍රයක් ලබා ගන්නා අයෙකුට පෝලිම්වල රැඳී නොසිට පරිශ්‍රයට ඇතුඵ විය හැකිය. කුඵ්ණේ ඉහලට ගමන් කළ හැකිය.
මෙරට වේගවත්ම විදුලි සෝපාන තුන ඇත්තේද නෙඵම් කුඵ්ණේයි.