ශ්‍රි ලංකාවට නැගෙන මානව හිමිකම් චෝදනා විදේශ කටයුතු ඇමතිවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි

Share Button

ශ්‍රි ලංකාව මානව හිමිකම් කඩකළ බවට කරන ජාත්‍යන්තර මැදිහත්විම් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඇමති අලි සබ්රි මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරිමට ශ්‍රි ලංකා රජය කැප වී සිටි. රටේ පවතින ගැටලු රටතුළම විසදා ගැනිමේ වැඩපිළිවෙලක් කෙරෙහි මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙ. රටට ගැලපෙන ලෙස හා ජනතා අපේක්ෂා වලට අනුගත වන ආකාරයට සංහිදියාව ඇති කිරිමට හා මානව හිමිකම් වර්ධනය කිරිමට රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ඇමතිවරයා පැවසුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නගරයේදි ඊයේ ආරම්භ වු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි සැසිවාරය අමතමනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් පරිදි සාමකාමි රැස්විම් හ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය රජය තහවුරු කර තිබෙ. ප්‍රජාතන්ත්‍රවාදයට බාධා පමුණුවන නිති විරෝධි ක්‍රියා අත්හිටුවිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාකාරකම් අත්හිටුවිම හා මිනිස් නිදහස් ආරක්ෂා කිරිම එහි අරමුණ බව ඇමතිවරයා සදහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ක්‍රියාමාර්ග රැසක් ඇතුළත්ය. දූෂණය වැලැක්විමට ක්‍රියාමාර්ග ගෙන තිබෙ. රජයේ යාන්ත්‍රණය පිළිබඳව ආංශික අධික්ෂණය කළ හැකි ලෙස ප්‍රතිපාදන සකස් කර ඇත. සංහිදියාව වර්ධනය කිරිමටද ක්‍රියා කෙරේ. සත්‍ය සෙවිමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවද ඇමතිවරයා පැවසිය. මෙරට ව්‍යවස්ථා රාමුව තුළ එය සිදු කෙරේ. කුමන ආකෘතියකට අනුව එය සිදු කරන්නේද යන්න පිළිබඳව දැන් සාකච්ඡා පැවැත්වෙ. ජනාධිපති කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කෙරේ.

ත්‍රස්ත විරෝධි පනතට සංශෝධන එක් කිරිම, රැදවුවන් නිදහස් කිරිම ආදිය මේ වනවිට සිදු වෙයි. ත්‍රස්ත විරෝධි පනත වෙනස් කරන්නේ ලෝකයේ සෙසු රටවල පිළිගත් ක්‍රමවේදයට අනුව බව අලි සබ්රි ඇමතිවරයා සදහන් කළේය. රට තුළ ඇති වගවිමේ හා සංහිදියා ක්‍රියාමාර්ග සම්බන්ධ යාන්ත්‍රණයට අඛණ්ඩව සහාය දෙන බව ද ඔහු පැවසිය. ශ්‍රි ලංකාව අඛන්ඩව මානව හිමිකම් කවුන්සලය සමග සාකච්ඡා කිරිමට සූදානමින් සිටි.

ඊට අමතරව ලෝකයේ සෙසු රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග සමීපව කටයුතු කිරිමට සූදානම්ය. වත්මන් රජය ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සංවේදිව කටයුතු කරයි. ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනම් සහන සැලසිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවති. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිම සදහා ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර සහාය ලැබී ඇතැයි මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අමතමින් අලි සබ්රි ඇමතිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...