බ්‍රිතාන්‍ය මහරැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්විමට විශාල ජනකායක්

Share Button

බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත මහරැජිනගේ දේහය මේ වනවිට ශාන්ත ගිල්ස් දේවස්ථානයේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තිබෙ. අතිවිශාල ජනකායක් දේහයට අවසන් ගෞරව දැක්විම සදහා පැමිණ සිටින බව වාර්තා වෙයි. ඇතැමුන් අවසන් ගෞරව දැක්විම සදහා පැය ගණන් දිගු පෝලිමේ රැදි සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මහජන ගෞරවය සදහා දේහය විවෘත කිරිමට පෙර එම දේවස්ථානයේ විශේෂ යාඥා මෙහෙයක් පැවැත්විණි. දේහය අද ලන්ඩනය වෙත රැගෙන යාමට නියමිතයි. ඉන්පසුව බකිංහැම් මාළිගය වෙත රැගෙන යනු ඇත. මහරැජිනගේ දේහය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙ. විශේෂ කාලතුවක්කු රථයකින් දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන යනු ඇත. මහරැජිනගේ අවමගුල් උත්සවය වෙස්මිනිස්ටර් ඇබේ හිදි ලබන සදුදා පැවැත්වෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...