එලිසබෙත් මහ රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට

Share Button

බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජිනගේ දේහය දැන් බකිංහැම් මාලිගයට ගෙනවිත් තිබේ. රාජකීය පවුලේ සාමාජිකයන් දේහයට අවසන් ගෞරව දැක්වීම මේ වනවිට සිදුවෙයි.

වෙස්මිනිස්ටර් ශාලාවේ පුරා දින හතරක් රාජ්‍ය ගෞරව සහිතව දේහය තැන්පත් කර තැබෙනු ඇත. දහස් ගණනක ජනතාවක් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිති. දේහය පිළිබඳ අවසන් කටයුතු වෙස්මිනිස්ටර් ඇබේහිදී ලබන සදුදා සිදු කෙරේ.

ලබන ඉරිදා මහ රැජිනට ගෞරවයක් වශයෙන් රටපුරා විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමට විධිවිධාන යොදා තිබේ.

මේ අතර තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ. ඔහු ඊයේ උතුරු අයර්ලන්තයට පැමිණි අතර එහි දේශපාලන නායකයන් හමුවී සාකච්ඡා කළේය. ජනතාව හමුවී ඔවුන්ගේ අදහස් විමසිමට ද රජු අමතක නොකළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...