පාකිස්ථානයේ ගංවතුර තත්ත්වයට ගෝලීය උෂ්ණත්වය බලපෑමක්

Share Button

පාකිස්තානයට බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වයට ගෝලීය උෂ්ණත්වය ඉහළයාම බලපා ඇතැයි විද්‍යාඥයෝ පවසති. දේශගුණික විපර්යාසයන්ද වර්ෂාපතනයේ තීව්‍රතාවය වැඩි කිරීමට හේතුවිය.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඉදිරි කාලයේදී එවැනි සිදුවීමක් හටගැනීමට ඇති සම්භාවිතාවය සියයට එකක් පමණ වන බවයි.

ගංවතුර හේතුවෙන් පකිස්තානයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් තිබේ.

මාස දෙකකට අධික කාලයක් එරටට බලපෑ ගංවතුර හේතුවෙන් දහස් ගණන් ජනතාව පීඩාවට පත්වුහ. මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1500 කට අධිකය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...