නෙළුම් කුළුණ ජනතාවට විවෘත කළ පළමු දිනයේදි රුපියල් ලක්ෂ 21 ක ආදායමක්

Share Button

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙඵම් කුඵණ ජනතාවට විවෘත කිරිමෙන් පසුව පළමු දිනය තුළ රුපියල් ලක්ෂ 21 ක ආදායමක් උපයා ගැනිමට හැකි වී තිබෙ.් ප්‍රවේශපත්‍ර අලෙවියෙන් පමණක් නොව එහි ඇති එක් එක් ආයතනවල සේවා සැපයීමෙන් ද එම ආදායම උපයා ගෙන තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා නෙඵම් කුළුණ 2612 දෙනෙකු නරඹා ඇතැයි නෙඵම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. දෙවන දිනය වූ ඊයේ පළමු පැය තුළ 800 දෙනෙකු එය නරඹා තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා එය නැරඹිමට පැමිණ ඇති විදේශිය සංචාරකයන් සංඛ්‍යාව 21 කි. සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රි 10.00 දක්වා නෙඵම් කුළුණ ජනතාවට විවෘතයි. ප්‍රවේශපත්‍රයක් ගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30 ක් 07 වැනි මහලේ රැදි සිටිමට උදාවන අතර එහි සිට සීගිරිය. ශ්‍රිපාදස්ථානය. නකල්ස් කදුවැටිය ආදි ස්ථාන පහසුවෙන් නැරඹිය හැකි බව මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසිය. නෙඵම් කුළුණේ දෙවන අදියර ඉදිරි මාස දෙක තුළත්. තුන්වන අදියර ලබන මාර් තු  මාසයේත් විවෘත කිරිමට නෙඵම් කුඵණ පෞද්ගලික සමාගම අපේක්ෂා කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...