අභය භුමිවලට මුදාහැර ඇති ගවයන් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ වෙත යොමු කිරීමේ තීරණයක්

Share Button

අභය භුමිවලට මුදාහැර ඇති ගවයන් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ සදහා යොමු කිරීමට තීරණය කර ඇතැයි වනජිවි අමාත්‍යංශය පවසයි. හම්බන්තොට මොණරාගල,අම්පාර ඇතුඵ දිස්ත්‍රික්ක රැසක ගව පාලනයේ නිරත ගොවීන්ට තම ගවයන්ට ආහාර සොයාදීම අපහසුවී තිබේ. මේ හේතුවෙන් එම ගොවින් ගවයන් අභය භුමිවලට සහ වනාන්තරවලට මුදාහරින බව අමාත්‍යංශය පෙන්වා දෙයි. යාල, විල්පත්තුව,ලුණුගම්වෙහෙර, උඩවලව,කැබිලිත්ත වැනි අභය භුමි හා රක්ෂිතවලට මෙලෙස ගවයන් මුදා හැරේ. එම ගවයන් වනාන්තරවල ඇති පැලෑටි ආහාරයට ගැනීම නිසා අනෙකුත් සතුන්ට ආහාර හිගවී ඇත. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස වනඅලි ගම්වැදිම ඉහල ගොස් ඇතැයි එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...