ළමා සහ කාන්තා හිංසන සම්බන්ධ පැමිණිලි කඩිනමින් විභාගයට උපදෙස්

Share Button

දරුවන්ව සහ කාන්තාවන්ව හිංසනයට ගොදුරු කරන පුද්ගලයින්ට විරුද්ධව ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරිම කඩිනම් කරන ලෙස පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථාන සහ විමර්ශන අංශ වෙත නියෝග කරයි. අදාළ පැමිණිලි සම්බන්ධ පරික්ෂණ එම අවස්ථාවේම ආරම්භ කළ යුතුය. එම පරික්ෂණ පැවැත්විම පැය 24 කට වඩා ප්‍රමාද කළ නොහැක. එසේම සැකකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට ද පොලිසියට උපදෙස් ලැබි තිබේ. පසුගිය මාස කිහිපයේදි ළමයින්ට මුහුණ දිමට සිදුවී ඇති හිරිහැර, ඝාතන සහ ලිංගික අතවර සම්බන්ධ සිදුවිම් වාර්තාවිමේ වැඩිවිමක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසිීය.

මේ අතර ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා උපකාරක සේවාවක් අරඹන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. එසේම කාන්තා රැදවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවන බව ද ඇය කිවාය.ගෘහස්ථ හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරිම සදහා 1938 යන ක්ෂණික දුරකතන ඇමතුම් සේවාවක් ආරම්භ කර ඇති බවත් එය පැය 24 පුරා ක්‍රියාත්මක බවත් කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...