විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් භාර ගැනීම ලබන සිකුරාදා අවසන්
2021/2022 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් භාර ගැනීම ලබන සිකුරාදා අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි.
එම අධ්‍යයන වර්ෂයේදී සිසුන් 42 519 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලැබේ.
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත්කර ඇති ශිෂ්‍ය අත්පොත පොත් අලෙවිසැල්වලින් මිලදී ගත හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය ඔස්සේ ද අයදුම් කළ හැකිය. ඒ සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය භාවිත කළ යුතුය. යම් ගැටළුවක් මතුවුවහොත් 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතා ඒවා නිරාකරණය කරගත හැකිය. අයදුම්පත මාර්ගගත ක්‍රමයට පිරවීමට පෙර කොමිසමේ වෙබ් අඩවියේ ඇති උපදෙස් විඩියෝව නරඹන්නැයි සභාපතිවරයා සිසුන්ට දැනුම් දෙයි.
යම් ගැටළුවක් ඇත්තම් සහායවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තොරතුරු මධ්‍යස්ථානය සතියේ දින හතම විවෘතව පවති. දුරකථන අංක 011-2 695 301 හෝ 011-2 695 302 මගින් එම මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකිය.
මෙවර නව පාඨමාලා කිහිපයක් හදුන්වාදී ඇතැයි ද සභාපතිවරයා කියයි.