ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරගය අද

Share Button

ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීනයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්වන තරගය දකුණු අප්‍රිකාව සමග ඉන්දෝර් හිදී අද පැවැත්වෙයි. තරගය පස්වරු 3.30 ට ඇරඹෙයි.

මෙතෙක් සහභාගි වු තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කන්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි. එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සමග එම තරග පැවැත්වින.

තරග දෙකකදී ශතකයක් සමග ලකුණු 112 ක් රැස් කරමින් තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණේ සිටි. නුවන් කුලසේකර තරග දෙකකදී කඩුළු 06 ක් බිඳ හෙලමින් කඩුළුලාභින් අතර ඉදිරියෙන් පසුවෙයි.

තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගය ද අද පැවැත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...