බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු රැජිනට අවසන් ගෞරව දැක්වීමට පෝලිමේ රැදි සිටින ජනතාව අතරට

Share Button

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු අභාවප්‍රාප්ත තම මවට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටින ජනතාවට සිය කෘතඥතාව පළකරයි. පෝලීමේ රැදි සිටින ජනතාව අතරට ගොස් ඔවුන් හමුවී ඒ බව සදහන් කළේය. විලියම් කුමරු ද ඔහු සමග සිටියේය.

තේම්ස් නදියේ ඉවුර දිගේ කිලෝමිටර් ගණනාවක් දුරට ජනතාව පෝලමේ රැදි සිටිති. රජු හා ඔහුගේ පුත්‍රයා තමා වෙතට පැමිණිම ඔවුන්ට සතුටට හේතුවක් විය.

පැය 24 කට අධික කාලයක් පෝලීමේ රැදි සිටි අයද සිටිති. ආබාධ සහිත සහ විශේෂ අවශ්‍යතා සහිත අය වෙනුවෙන් වෙනම පෝලිමක් ක්‍රියාත්මකයි.

මහ රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙස්මිනිස්ටර් ඇබේ හිදී හෙට සිදු කෙරේ. අවමගුල් උත්සවයට සහභාගිවීම සදහා රාජ්‍ය නායකයෝ රැසක් මේ වනවිට ලන්ඩනයට පැමිණ සිටිති.

මහ රැජිනට දක්වන ගෞරවයක් ලෙස අද රටපුරා විනාඩියක නිශ්ශබ්දතාවක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...