රැජිනගේ අවමගුල් උත්සවයට රුසියාවට ආරාධනා නොකිරිම රුසියාවේ දෝෂ දර්ශනයට

Share Button

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට එක්වන ලෙසට රුසියානු නිලධාරින්ට ආරාධනා නොකිරිමට බ්‍රිතාන්‍යය ගත් තිරණය රුසියාවේ දෝෂ දර්ශනයට ලක්වෙයි.

රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාෂිකා මාරියා සකාරෝවා මහත්මිය සදහන් කර ඇත්තේ එය සදාචාරාත්මක බවට පටහැනිබවයි.ශෝක ජනක අවස්ථාවක් දේශපාලනික අරමුණු සදහා අයුක්ති සහගත ලෙස යොදා ගැනිමක් එම තිරණයෙන් පිළිඹිබු කෙරෙන බවද ඇය පෙන්වා දෙයි.

එම අවමගුල් උත්සවයට සහභාගි විමට සිරියාව, වෙනිසියුලාව, ඇෆ්ගනස්ථානය, බෙලරූස් සහ මියන්මාර නියෝජිතයින්ට ද ඇරයුම් ලැබි නොමැත.

මේ අතර දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය දැක බලාගැනිමට දිගු වේලාවක් පෝලිම්වල රැදි සිටිමේ දුෂ්කරතාව අමතක කොට කුඩා දරුවන්ද දැඩි උනන්දුවක් දක්වන බව එරට පුවත් වාර්තා අනාවරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...