වතු නිවාසලවල ජීවත්වන සියලුදෙනාට නිවාස
වතු නිවාසලවල ජීවත්වන සියලුදෙනාට නිවාස ඉදිකර දිමට රජය පියවර ගනී.
ඔවුන්ට අවශ්‍ය ඉඩම් ඔප්පු ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. මේ සඳහා අවශ්‍ය නාමලේඛණ සකස් කිරිම එක් එක් වතු කෙන්ද්‍ර කරගනිමින් සිදුකෙරේ. ඉන් අනතුරුව ඔවුන්ට අවශ්‍ය නිවාස ඉදිකර ගැනිමට ඉන්දියානු ආධාර හෝ රජයේ ප්‍රතිපාදන සපයන බව අමාත්‍යවරයා කිවේය.
සම්පුර්ණයෙන් නිවාස ඉදිකිරිමට නොහැකි වුවත් ලැබෙන ප්‍රතිපාදන මත එම ඉදිකිරීම් සිදුකරන බව ඒ මහතා පෙන්වා දෙයි.