විහාරස්ථානවල ආදායම එක් අරමුදලක් යටතට

Share Button

විහාරස්ථානවල ආදායම එක් අරමුදලක් යටතට පත්කර ඉන් සියලු විහාරස්ථානවල වියදම් කළමනාකරණය කළයුතු බව අමරපුර මහ නිකායේ වැඩබලන මහනායක අතිපුජ්‍ය පල්ලේකන්ද රතනසාර හිමියෝ අවධාරණය කරති.

දිවයිනේ බොහෝ විහාරස්ථානවලට විශාල වශයෙන් ආදායම් ලැබේ. එම ආදායම් සහ දේපොළ එම විහාරස්ථානවලට පමණක් වෙන් වු පුද්ගලික දේපළක් බවට පත්ව තිබේ.

විහාරස්ථානවල විදුලිබිල සදහා රජය මෙතෙක් කාලයක් සහන ලබාදී තිබිණි. පවතින ආර්ථික අර්බුදය හමුවේ එම සහනය ඉවත් කර විදුලිබිල කළමනාකරණය කිරීමට උපදෙස් ලබාදී ඇත. ඒ සදහා බහුතරයක් වු විහාරස්ථාන දැනටමත් කැමැත්ත පල කර තිබෙ. ඊට විරුද්ධව විවිධ ස්වාමින් වහන්සේ මත පල කරති. එවැනි පසුබිමක විදුලිබිල කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් එකගතාව පල කරමින් අතිපුජ්‍ය පල්ලේකන්දේ රතනසාර ස්වාමින් වහන්සේ ජාතික ගුවන් විදුලියට විශේෂ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...