20යි 20 ලෝක කුසලාන ඉලක්ක කර පුහුණු කඳවුරක්

Share Button

පන්දු වාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පුහුණු කඳවුර මෙම මස 25 දා සිට 30 දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මේ සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධනගේ සහ ලසිත් මාලිංගගේ දාකත්වය ද හිමි වේ.

මෙම පුහුණු කදවුරෙන් අනතුරුව ලබන දෙවන දා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට හුරුවීම සදහා ද මෙම පුහුණුව ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...