බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජනපතිගේ එක්සත් රාජධානී සංචාරයට අදාළව පළවන ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි

Share Button

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු දූත පිරිස පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය තොරතුරු පළ වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි. නිල ආරාධනයට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු දූත පිරිස ඊට එක් වුහ. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ජාත්‍යන්තර සබදතා පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීහු සහ ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා ඒ අතර වෙති. ජනාධිපතිතුමාගේ භාර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊට එක්වුයේ එතුමියගේ පෞද්ගලික වියදමිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඊයේ පැවති ලංකා ඩයස්පෝරා හමුවට එක්වුයේ ද එක්සත් රාජධානියේ ඔහු පෞද්ගලික සංචාරයක නිරතවෙමින් සිටින අතරතුර දී බව එම නිවේදනයේ දැක්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...