වී මිලදි ගැනිම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

Share Button

වී මිලදි ගැනිමේ ගැටලුවට විසඳුම් ලබාදිමේ සාකච්ඡාවක් අග්‍රමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වනදා (අද) පැවැත්විණි. ගොවීන්ගෙන් වී මිලදීගෙැනීමේදී මතුව ඇති ගැටලු  සහ රාජ්‍ය බැංකු මගින් ලබාදිය හැකි සහන පිළිබඳව එහිදි සාකච්ඡා වී තිබේ.

අමාත්‍ය මහින්ද අමරවිර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු පරිසක් ඊට එක්ව සිටියහ.

මේ අතර සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දී තිබේ. ආහාර නිෂ්පාදනය සහ සංවර්ධන කටයුතු සඳහා එම පියවර ගෙන ඇත. අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබාදිී ඇත්තේ අලුතින් පත්කෙරුණු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සමග අද පැවති සාකච්ඡාවකදීය.

ජපාන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රි මර්ට් සුසුටා ෂිං පේයි මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා හමුවෙයි. අග්‍රමාතා්‍ය කාර්යාලයේ පැවති හමුවේදී දෙරටේ සහයෝගිතාව සහ අනාගත සහයෝගිතා ක්ෂේත්‍ර පිළිබඳව  සාකච්ඡ කර තිබේ.   ශ්‍රි ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය දැක බලාගැනිම සහ ජපානයට ඊට සහාය විය හැකි ආකාරය සොයා බැලීම තම සංචාරයේ අරමුණ බව ඔහු එහිදි ප්‍රකාශකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...