ශ‍්‍රී ලංකාවේ දස දහසකට මැලේසියාවෙ රැකියා අවස්ථා

Share Button

ශ‍්‍රී ලංකාවේ දස දහසකට රැකියා අවස්ථා සැලසීමට මැලේසියානු අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කරයි. එරට මානව සම්පත් අමාත්‍ය එම්. සරවනන් මහතා ඊයේ මේ බව නිවේදනය කළේය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය 14 වන දා පැවති එරට අමාත්‍ය මණ්ඩලයේදී මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව, අදාළ අංශවල පුරප්පාඩු පිරවීම සඳහා ශ‍්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීමෙන් රජයේ අභිප‍්‍රායයන්ට සහය දෙන ලෙස සේවා යෝජකයින්ගෙන් සහ ව්‍යාපාරරිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශීය ශ‍්‍රමිකයන් බඳවා ගැනීමට කැමති මැලේසියානු සේවායෝජකයන්ට අමාත්‍යංශයේ සංක‍්‍රමණික සේවක කළමනාකරණ අංශය හෝ එරට කම්කරු දෙපාර්තමේන්තුව අමතා තොරතුරු ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...