ඔක්තෝබර් මාසය පෝෂණ මාසය වශයෙන් නම් කෙරේ

Share Button

ලබන ඔක්තෝබර් මාසය ජාතික පෝෂණ මාසය වශයෙන් නම් කෙරේ. අඩු වියදමකින් පෝෂණය සුරකිමු, දැනුවත් වෙමු, ආදේශක සොයමු, වවමු, බෙදා ගනිමු යන්න එහි තේමාවයි.

වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ වර්ධන මට්ටම පරීක්ෂා කිරීම සඳහා දීපව්‍යාප්ත සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාවට නැංවෙයි.

දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිර්ණය කිරීම වැඩසටහනේ අරමුණ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලී ද සිල්වා මහත්මිය පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද‍්‍රව්‍යවල ගුණාත්මක භාවය මේ දිනවල විශේෂයෙන් පරීක්ෂාවට ලක් කෙරේ. ආහාරවල මිල අධික වුවද සමබල ආහාර වේලක් දරුවන්ට ලබාදීට දෙමාපියන් කටයුතු කළ යුතුයි.

අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගේ ආහාර අවශ්‍යතාව සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඇය සඳහන් කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...