බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයාමේ සුදානමක් නැතැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි

Share Button

තමා කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයාමේ හෝ වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමේ හෝ සුදානමක් නැතැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අභියෝගාත්මක අවස්ථාවකදී රට භාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෞරවය හිමිවන බව ද හෙතෙම සදහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අද නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. අර්බුදකාරි පසුබිමක පවා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක සපුරා ගනිමින් සිටි. බදු සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති කුතුහලය අවම කිරීමේ ක්‍රියාවලියකට රජය අවතීර්ණ විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...